Sunday, November 7, 2010

test

just to test

ඔබේ පෙම් වදන් නෑ - එදා මෙන් ඇසෙන්නේ ...

ජෝතිපාල මහත්තය ගායනා කරන මේ ගීතය 1965 වසරේ තිරගත වුනු ආර්සු
හින්දි චිත්‍ර පටියේ ඒ පුලෝන් කි රානි කියන සින්දුව අනුව හදපු එකක් කියල තමා කියන්නේ .  සිංහල සින්දුව ගැන නම් වැඩිය විස්තර දන්නේ නෑ...



Friday, September 10, 2010

BACKIN UP හොරකමක් සින්දුවක් උණු හැටි !!

මේ කියන්න යන්නේ හොරකමක් ගැන, එත් හොරාවත් හිතුවේ නැති විදිහට මේක ජනප්‍රිය උනා !! සිද්දිය පටන් ගන්නේ කව්ද හොරු කට්ටියක කැන්සාස් නගරයේ ගෑස් කඩයකට කඩා වැදීමත් එක්කය්. පුංචි කලබලයක් උනත් වැඩිය කාටවත් හානියක් නොවී වැඩේ එවර උනා. කතාව පටන් ගන්නේ ඊට පස්සේ, මේකට මුහුණ දුන්නු කාන්තාවක් තමන්ගේ අද්දැකීම ටීවී චැනල් එකකට මෙන්න  මෙහෙම කිව්වා ...






ටිකක් අමුතුයි නේද ? මේක බලපු කට්ටියක් මේකෙන් කෑලි අරගෙන සින්දුවක් හැදුවා, දැනටනම් මේක මිලියනයක් විතරය් බලල තියෙන්නේ , අපේ කට්ටිය බලපුහම තව චුට්ටක් වැඩි වෙය් . ඔයගොල්ලොත් බලලම ඉන්නකෝ ...




හැබය් කාටවත් කියන්නේ එහෙම නෑ හොද ද ....

Thursday, August 19, 2010

Youtube සිංහල සිංදු අලුත් විදිහකින් අහමුද?

මම දන්න තරමට යුටියුබ් එකේ තරම් සිංහල සින්දු වෙන කිසිම අඩවියක නෑ.ඒත් ඉතින් සින්දුවක් ගායකයකගෙ නමින් හොයාගන්න කොයිතරම් අමාරුද කියල ඔයගොල්ලො ඔක්කොම දන්නවනෙ. සමහර වෙලාවට විස්තරයක් ඇත්තෙම නෑ,ලස්සන සින්දුවක් දැක්කම සේව් කරගන්න බෑ. මෙන්න මේ හේතුව නිසාම තමා අපි කීපදෙනෙක් එකතුවෙලා අලුත් වැඩක් පටන්ගත්තෙ. සරලව කියනවනම් Youtube එකේ සිංදු ගායකයගෙ නමින් හොයගන්න ලෙසි වෙන විදිහට සැකසීම.මේ අඩවිය තාම බීටා අවධියක තියෙන්නේ, ඒත් ගොඩාක් පහසුකම් දැනටමත් ලබාදීලා තියෙනවා. සයිට් එක www.sindulanthe.com දැනට සිංදු හාරදහස පන්නලා තියෙනවා.






ඔයාලට කැමතිම සිංදු ලිස්ට් එකක් හදාගන්න ඔනනමෙ රතු පාට කොටුවෙ පෙන්නන විදිහට favorite වලට Add කරන්න පුලුවන්.

සින්දු බාගත කරගන්න ඔන නම් කොලපාට කොටුවෙන් පෙන්නන Download button  එක Click කරන්න.මෙකෙදි බාගත වෙන්නෙ flv ගොනුවක් විදිහට. මේවා VLC media player මගින් පහසුවෙන් නරබන්න පුලුවන්. මීට අමතරව, නැරබුව ගීතයට සමාන වෙනත් සින්දු පහලින් ලින්ක් විදිහට පෙන්නනවා, ඒක හින්දා සමාන සින්දු අහන්න ආස කෂ්ටියට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයගොල්ලොත් ගිහිල්ලම බලන්නකො.

Sunday, August 15, 2010

Enigma හින්දි සින්දුවකින් කොපි කරාද?

ඉස්සෙල්ලම කියන්න ඔන අද ඉදලා ලුක්ස් ලයික් බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙනවා, "සින්හල බ්ලොග් කලාවේ මහගෙදරට" එන්න ලැබීම ගැන සතුටුයි. මාත් එක්ක මෙච්චර කල් රැදිලා හිටිය "ලාංකීය සිතුවිලි" අඩවියේ හිතවතුන් වගේම ඔය ගොල්ලොත් මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.

 

 

 

අද නම් කියන්න යන්නෙ කොපියක් ද කියලා හරියටම කියන්න බැරි සින්දුවක් ගැන. හොදට අහලා බලන්නකො පසුබිමින් ඇහෙන තාලය, සමානකමක් තියෙනවා නේද?

මෙන්න බලන්නකො එනිග්මා ගෙ සින්දුව (Age of Loneliness)


එනිග්මා මේ සින්දුව නිකුත් කරලා තියෙන්නෙ 1994 අගොස්තු, හින්දි සින්දුව (Tu mile Dil Khile) අඩන්ගු ෆිල්ම් එක  (Criminal) තිරගත කරලා තියෙන්නෙත් 1994, හැබැයි සින්දුව ර්ට කාලෙකට කලින් හදන්න ඇති.හින්දි සින්දුව කියලා තියෙන්නෙ කුමාර් සානු.



විකිපීඩියා වලට අනුව නම් එනිග්මා සින්දුව ඒගොල්ලන්ගෙම පරන සින්දුවක රීමික්ස් එකක් (Enigma - Carly's Song, 1993), ඔය ගොල්ලොම තීරනය කරන්න කවුද කොපි කලෙ කියලා. 


Wednesday, August 11, 2010

ලොකෙම හෙල්ලු පිස්සු චරිතය

අද මම කියන්න යන්නේ කොපියක් ගැන නෙවෙයි, ඒ උනත් මේකෙ රීමික්ස් එක කොච්චර ජනප්‍රිය උනාද කියනවානම් ඔරිජිනල් එක ගැන කියවෙන්නෙවත් නෑ.


ඩනීඑල් මල්මෙදහල්
සින්දුව Axel F (2005 remix) , මෙකේ රීමික්ස් එක කරේ ක්‍රෙසි ෆ්‍රරොග් ටීම් එක (ඩනීඑල් මල්මෙදහල් සමග එරික් වරන්කුයිස්ට්). මේක කොච්චර සාර්තක උනාද කියනවානම් 2005 වසරේ හොදම සින්දු අතරටත් ආවා.



දැන් අහමු පරන සින්දුව, මේක බෙවෙර්ලි හිල්ස් කොප් (1984) කියන ෆිල්ම් එකේ තේමාගීතය. සින්දුව Axel F උනේ ෆිල්ම් එකේ ප්‍රදාන ඡරිතෙ නම (Axel Foley) නිසා.මේ සින්දුවත් 1985 වසරේ හොදම සින්දු අතරට එකතු උනා.සින්දුව කරේ හැරොල්ඩ් ෆැල්ටර්මෙයර්.

Sunday, August 8, 2010

කොපි කරලා සම්මාන ගත්ත හැටි

මෙන්න තවත් කොපියක්, මෙක තියෙන්නෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච හින්දි ෆිල්ම් එකක, නම ත්‍රිදේව් (1989) සින්දුව තිර්ඡි තොපිවාලෙ , සන්ගීතය කල්යන්ජි සමග අනන්ද්ජි මොවුන් මේ ෆිල්ම් එකෙ සන්ගීතය සදහා සම්මානයකට පවා යොජනා වෙලා තියෙනවා (මොනව උනත් හොදට කොපි කරල තියෙනවා නේද?). මේ සින්දුව කියන්නෙ අමිත් කුමර් සමග සප්නා මුකර්ජී.



ඔරිජිනල් සින්දුව කියන්නෙ ග්ලොරියා එස්තෙෆාන් සමග මියාමි සවුන්ඩ් මැෂින් Anything for You (1987) කියන ඇල්බමයට.

Saturday, August 7, 2010

මෙන්න තවත් කොපියක්, හැබැයි සින්දු දෙකම හරිම ලස්සනයි.

මෙන්න තවත් කොපියක්, හැබැයි සින්දු දෙකම හරිම ලස්සනයි. සින්දුව I Just Called to Say I Love You (1984),මුල් ගායනය,රචනය,නිෂ්පාදනය ස්ටීවී වොන්ඩර්.




හින්දි කොපිය ආතෙ ජාතෙ ෆිල්ම් එක මනෙ ප්ය්‍යර් කියා (1989). සන්ගීතය රාම් ලක්ෂ්මන්, ගායනය මගේ ප්‍රියතම ගායක එස් පී බාලසුබ්‍රහමනියම් සමග ලතා මන්ගෙෂ්කර් මහා ගායිකාව (පේනවා නේද කොපියක් උනත් ලස්සනට කියලා තියෙන හැටි?)



ඔය ගොල්ලන්ට හිතෙන දේත් කියලම යන්න

Rajesh Roshan's Copy

තවත් හින්දි කොපියක් , මේ සැරේ කොපි කරලා තියෙන්නෙ අලුත් සින්දුවක් රාජෙෂ් රොෂාන් ගේ ලාවරිස් (1999)ෆිල්ම් එකේ තුම්නෙ ජො කහා කියන සින්දුව අමු අමුවේ කොපි කරලා තියෙන්නෙ ඩෙන්මාර්ක් රටේ ඇක්වා කියන සන්ගීත කන්ඩායමේ බාබි ගර්ල් කියන සුප්‍රසිද්ද සින්දුවයි(1997). පද රචනය ක්ලෞස් නොර්‍රීන් සමග සøරෙන් නය්ස්ත්‍රøම් රාස්තෙඩ්




මේවට සමාන තවත් හින්දි කොපි ගොඩක් මේන්න මේ අඩවියෙන් හොයාගන්න පුලුවන්.

Friday, August 6, 2010

Another songs from Jaanam - Looks like a copy cat film

මෙන්න ජානම්  ෆිල්ම් එකෙ තවත් සින්දුවක්, බලාගෙන ගියපුහම මෙකේ තියෙන්නෙම කොපි කරපු සින්දු වගේ.

හින්දි කොපිය (ටෙරි ඡහත් කෙ සිවා ජානම් මෙරි )

ජානම් (1992),
අධ්‍ය්ක්ශනය ; වික්‍රම් බාත්
සන්ගීතය ; අනු මලික්
ගායනය ;අනුරාධා පෞද්වාල් සමග අමිත් කුමාර්










මෙන්න හරි සින්දුව, එල් කොන්දොර් පාසා [The Condor Goes by (or Flies by) according to the wikipedia] (1970)
මුල් ගායනය සිමොන් සමග ගර්ෆුන්කෙල්


Pagalpan Chha Gaya copied from And I Love Her

මෙන්න මේ හින්දි සින්දුව ගොඩාක් අය අහලා අති, ඒත් මෙක කොපියක් කියල දැනන් හිටියද? අහලම බලන්නකො. මම සින්දුවෙ විස්තරත් දාලා තියෙනවා. විස්තර මදිද කියලත් කියන්න.

මෙන්න හින්දි කොපිය 



මෙන්න හින්දි කොපිය; ජානම් (1992),
අධ්‍ය්ක්ශනය ; වික්‍රම් බාත්
සන්ගීතය ; අනු මලික්
ගායනය ; අනුරාධා පෞද්වාල් සමග විපින් ශච්දේවා









මෙන්න හරි සින්දුව, බීට්ල්ස් (1964)
පද රචනය පාඋල් මැක්කාර්ට්නි

Hail ලාංකීය සිතුවිලි ...... !!!

අද මට ගොඩාක් සතුටු දවසක්. මගේ ලුක්ස් ලය්ක් බ්ලොග් එක බ්ලොග් කියවනයට අතුලත් කලා කියලා ලියුමක් ආවා. ටික කාලයක් බලන් හිටියා, comment එකක් වත් නැති නිසා බ්ලොග් එක ලියන්න හිතුනෙත් නෑ (අර කියමනක් තියෙනවනෙ comments තමයි බ්ලොග් වල driving force එක කියලා). දැන් කියවනයට ඇතුලත් නිසා ගොඩක් අය ඒවි කියලා හිතෙනවා. ඇවිල්ලා නිකන් යන්න එපා මොනව හරි කුරුටු ගාල යන්න. බ්ලොග් එකත් එක්ක දිග ගමනක් යන්න හිතාගෙන ඉන්නවා, ඔයාලගෙ, ශක්තිය, ආදරය උපදෙස් ඔක්කොම ඔනි....

Monday, August 2, 2010

Qader Eshpari's Dokhtare Kabul Kabul vs Kumar Sanu's Payale Chunmun

හින්දි ච්ත්‍රපටය;විරාසත් (1997)
ඇෆ්ගන් ගායනය; කාදෙර් එෂ්පරි
ඇෆ්ගන් ගීතය;දොක්තරෙ කාබුල් කාබුල්
හින්දි ගායනය; කුමාර් සානු
හින්දි ගීතය; පායලී චුන්මුන් චුන්මුන්




Radawal; Film Adare hithenawa Dakkama (1972) vs Zindagi Ek Safar Film: Andaz (1971)

සින්හල ච්ත්‍රපටය; ආදරේ හිතෙනවා දැක්කම (1972)
හින්දි ච්ත්‍රපටය;අන්දාz (1970)
සින්හල ගායනය; එච් ආර් ජොතිපාල සමග ඇන්ජලීන් ගුනතිලක
හින්දි ගායනය; කිෂොර් කුමාර්




AR.RAHMAN COPYCAT WORK IN JEANS




මේ තියෙන්නෙ රහ්මාන් මහත්තය Jeans Film එකට හදපු සින්දු ටිකක්, සමානකම් බලන්නකො.

පුර්විකාව

මගේ උත්සාහය COPY CAT ලෙස හදුන්වන සින්දු එකතුවක් සැදීමටයි, මේවා සමහරවිට

1) සමාන රිද්මයන්ගෙන් යුතු එහෙත් වෙනස් ආරම්භයන් සහිත (Different origins)
2)  සම්පුර්න උපුටා / සොරාගනීම් (COPY CAT/ One to one)
3) ආභාෂයන් /උපයොජිත  (Adapted )

ලෙස ප්‍රවර්ග කල හැකියි.මෙවැනි ගීතවල බොහොවිට ප්‍රකෘතිය ගැන සදහනක් වත් නෑ, අලුතින් හැදුවා වගෙයි කථාව.ඔබත් අසා ඇති මෙවැනි සින්දු, මතකයි නම් අප වෙත යොමු කරන්න. මා කල කෙටි සොදිසි කිරීම් වලින් තේරුනේ මෙවනි අඩවියක් තවමත් සදා නොමති බවයි (අදහස නම් ගත්තෙ සිරසෙ ගිය Looks Like වැඩසටහනින්, ඒත් ඒක ඔනවෙලවක බලන්න බෑනෙ නෙද?). මාවැනි තවත් අය ඇති මෙවනි සින්දු එකතු කෙරීමට, රසවිදීමට, මේ ආරාදනය ඔබටයි.

ආයුබෝවන්!

මගේ අඩවියට පැමිනි සියලු දෙනාවම සාදරයෙන් පිලිගන්නවා.මෙක දිගටම කරගෙන යාමට ඔබගේ සහ‍යොගය අනිවා.  උවමනයි. මා සමග රැදීසිටින්න...