Sunday, November 7, 2010

test

just to test

ඔබේ පෙම් වදන් නෑ - එදා මෙන් ඇසෙන්නේ ...

ජෝතිපාල මහත්තය ගායනා කරන මේ ගීතය 1965 වසරේ තිරගත වුනු ආර්සු
හින්දි චිත්‍ර පටියේ ඒ පුලෝන් කි රානි කියන සින්දුව අනුව හදපු එකක් කියල තමා කියන්නේ .  සිංහල සින්දුව ගැන නම් වැඩිය විස්තර දන්නේ නෑ...



Friday, September 10, 2010

BACKIN UP හොරකමක් සින්දුවක් උණු හැටි !!

මේ කියන්න යන්නේ හොරකමක් ගැන, එත් හොරාවත් හිතුවේ නැති විදිහට මේක ජනප්‍රිය උනා !! සිද්දිය පටන් ගන්නේ කව්ද හොරු කට්ටියක කැන්සාස් නගරයේ ගෑස් කඩයකට කඩා වැදීමත් එක්කය්. පුංචි කලබලයක් උනත් වැඩිය කාටවත් හානියක් නොවී වැඩේ එවර උනා. කතාව පටන් ගන්නේ ඊට පස්සේ, මේකට මුහුණ දුන්නු කාන්තාවක් තමන්ගේ අද්දැකීම ටීවී චැනල් එකකට මෙන්න  මෙහෙම කිව්වා ...






ටිකක් අමුතුයි නේද ? මේක බලපු කට්ටියක් මේකෙන් කෑලි අරගෙන සින්දුවක් හැදුවා, දැනටනම් මේක මිලියනයක් විතරය් බලල තියෙන්නේ , අපේ කට්ටිය බලපුහම තව චුට්ටක් වැඩි වෙය් . ඔයගොල්ලොත් බලලම ඉන්නකෝ ...




හැබය් කාටවත් කියන්නේ එහෙම නෑ හොද ද ....

Thursday, August 19, 2010

Youtube සිංහල සිංදු අලුත් විදිහකින් අහමුද?

මම දන්න තරමට යුටියුබ් එකේ තරම් සිංහල සින්දු වෙන කිසිම අඩවියක නෑ.ඒත් ඉතින් සින්දුවක් ගායකයකගෙ නමින් හොයාගන්න කොයිතරම් අමාරුද කියල ඔයගොල්ලො ඔක්කොම දන්නවනෙ. සමහර වෙලාවට විස්තරයක් ඇත්තෙම නෑ,ලස්සන සින්දුවක් දැක්කම සේව් කරගන්න බෑ. මෙන්න මේ හේතුව නිසාම තමා අපි කීපදෙනෙක් එකතුවෙලා අලුත් වැඩක් පටන්ගත්තෙ. සරලව කියනවනම් Youtube එකේ සිංදු ගායකයගෙ නමින් හොයගන්න ලෙසි වෙන විදිහට සැකසීම.මේ අඩවිය තාම බීටා අවධියක තියෙන්නේ, ඒත් ගොඩාක් පහසුකම් දැනටමත් ලබාදීලා තියෙනවා. සයිට් එක www.sindulanthe.com දැනට සිංදු හාරදහස පන්නලා තියෙනවා.






ඔයාලට කැමතිම සිංදු ලිස්ට් එකක් හදාගන්න ඔනනමෙ රතු පාට කොටුවෙ පෙන්නන විදිහට favorite වලට Add කරන්න පුලුවන්.

සින්දු බාගත කරගන්න ඔන නම් කොලපාට කොටුවෙන් පෙන්නන Download button  එක Click කරන්න.මෙකෙදි බාගත වෙන්නෙ flv ගොනුවක් විදිහට. මේවා VLC media player මගින් පහසුවෙන් නරබන්න පුලුවන්. මීට අමතරව, නැරබුව ගීතයට සමාන වෙනත් සින්දු පහලින් ලින්ක් විදිහට පෙන්නනවා, ඒක හින්දා සමාන සින්දු අහන්න ආස කෂ්ටියට ගොඩක් ප්‍රයොජනවත් වෙයි. ඔයගොල්ලොත් ගිහිල්ලම බලන්නකො.

Sunday, August 15, 2010

Enigma හින්දි සින්දුවකින් කොපි කරාද?

ඉස්සෙල්ලම කියන්න ඔන අද ඉදලා ලුක්ස් ලයික් බ්ලොග් එක සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් වෙනවා, "සින්හල බ්ලොග් කලාවේ මහගෙදරට" එන්න ලැබීම ගැන සතුටුයි. මාත් එක්ක මෙච්චර කල් රැදිලා හිටිය "ලාංකීය සිතුවිලි" අඩවියේ හිතවතුන් වගේම ඔය ගොල්ලොත් මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.

 

 

 

අද නම් කියන්න යන්නෙ කොපියක් ද කියලා හරියටම කියන්න බැරි සින්දුවක් ගැන. හොදට අහලා බලන්නකො පසුබිමින් ඇහෙන තාලය, සමානකමක් තියෙනවා නේද?

මෙන්න බලන්නකො එනිග්මා ගෙ සින්දුව (Age of Loneliness)


එනිග්මා මේ සින්දුව නිකුත් කරලා තියෙන්නෙ 1994 අගොස්තු, හින්දි සින්දුව (Tu mile Dil Khile) අඩන්ගු ෆිල්ම් එක  (Criminal) තිරගත කරලා තියෙන්නෙත් 1994, හැබැයි සින්දුව ර්ට කාලෙකට කලින් හදන්න ඇති.හින්දි සින්දුව කියලා තියෙන්නෙ කුමාර් සානු.



විකිපීඩියා වලට අනුව නම් එනිග්මා සින්දුව ඒගොල්ලන්ගෙම පරන සින්දුවක රීමික්ස් එකක් (Enigma - Carly's Song, 1993), ඔය ගොල්ලොම තීරනය කරන්න කවුද කොපි කලෙ කියලා. 


Wednesday, August 11, 2010

ලොකෙම හෙල්ලු පිස්සු චරිතය

අද මම කියන්න යන්නේ කොපියක් ගැන නෙවෙයි, ඒ උනත් මේකෙ රීමික්ස් එක කොච්චර ජනප්‍රිය උනාද කියනවානම් ඔරිජිනල් එක ගැන කියවෙන්නෙවත් නෑ.


ඩනීඑල් මල්මෙදහල්
සින්දුව Axel F (2005 remix) , මෙකේ රීමික්ස් එක කරේ ක්‍රෙසි ෆ්‍රරොග් ටීම් එක (ඩනීඑල් මල්මෙදහල් සමග එරික් වරන්කුයිස්ට්). මේක කොච්චර සාර්තක උනාද කියනවානම් 2005 වසරේ හොදම සින්දු අතරටත් ආවා.



දැන් අහමු පරන සින්දුව, මේක බෙවෙර්ලි හිල්ස් කොප් (1984) කියන ෆිල්ම් එකේ තේමාගීතය. සින්දුව Axel F උනේ ෆිල්ම් එකේ ප්‍රදාන ඡරිතෙ නම (Axel Foley) නිසා.මේ සින්දුවත් 1985 වසරේ හොදම සින්දු අතරට එකතු උනා.සින්දුව කරේ හැරොල්ඩ් ෆැල්ටර්මෙයර්.